මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී එළවළු පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සැලැස්මේ පළමු අදියර ලෙස පෝෂණ අධ්‍යාපන වැඩසටහනක් පසුගිය ඔක්තෝම්බර් 29 වන දින පැවැත්විණි. මෙය, JICA SHEP & SSC ව්‍යාපෘතියේ සැපයුම් දාම ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් වන අතර, 9 ශ්‍රේණියේ සිසුන් සහ ගුරුවරුන් ඉලක්ක කරගනිමින් දෛනික ආහාර වේලට එළවළු එක් කිරීමේ වැදගත්කම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීමට කටයුතු කටන ලදි. මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ එළවළුවල පෝෂණ ගුණය පිළිබඳව බිම්මට්ටමින් දැනුවත්භාවය හා පරිභෝජනය වර්ධනය කිරීම මඟින්, ලංකාවේ එළවළු සැපයුම් දාමය ශක්තිමත් කිරීමයි.
කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය, ආහාර පර්යේෂණ ඒකකය, සහ කීල්ස් ආයතනය යන ආයතනවල සෘජු සහයෝගය මත මෙම වැඩසටහන ඉතාමත් සාර්ථකව පැවැත්විය. මෙහිදී සිසුන්ට දේශන සහ ආහාර පිසීමේ ප්‍රායෝගික සැසි මඟින් එළවළුවල පෝෂණ ගුණයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලදි.
විශේෂයෙන්ම, සිසුන්ට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය එළවළු ආහාරවලින් ඔබ්බට ගොස් එළවළු භාවිතයෙන් ආහාර පිළියෙල කිරීමේ නව්‍ය ක්‍රම පිළිබඳව සොයා බැලීමට අවස්ථාව උදා විය. මෙම නිර්මාණශීලී ප්‍රවේශය සහභාගිවන්නන් අතර එළවළු පරිභෝජනය කෙරෙහි නව මට්ටමේ උද්යෝගයක් සහ ආකර්ෂණයක් ජනනය කිරීමට සමත් විය. මෙම ක්‍රියාකාරකම් මගින් එළවළු වල වටිනාකම පිළිබඳව සිසුන්ගේ අවබෝධය ගැඹුරු කරනවා පමණක් නොව ඒවා ඔවුන්ගේ ආහාර වේලට ඇතුළත් කර ගැනීම ගැන නිර්මාණශීලීව සිතීමට ද ඔවුන් පෙලඹවීය.
මෙම නියමු වැඩසටහනේ සාර්ථකත්වය මත මෙම වැඩසටහන ශ්‍රී ලංකාව පුරා අනෙකුත් පාසල් වලද ව්‍යාප්ත කිරීමට සැලසුම් කරමින් පවතී. JICA SHEP & SSC ව්‍යාපෘතිය, ශ්‍රී ලාංකිකයන් අතර එළවළු පරිභෝජනය රසය සඳහා පමණක් නොව සෞඛ්‍යයට සහ යහපැවැත්මට දක්වන දායකත්වයද ඉස්මතු කරමින් එළවළු පරිභෝජනය ප්‍රවර්ධනය කරමින් සැපයුම් දාමය ශක්තිමත් කිරීමට දායකත්වයක් දක්වයි. මෙම මුලපිරීම හුදෙක් වැඩසටහනකට වඩා වැඩි යමක් නියෝජනය කරන අතර එය ශ්‍රී ලංකාවට සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වන පරිවර්තනීය ව්‍යාපාරයකි.