ෂෙප් සංසදය – 2024

SHEP FORUM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ (JICA SHEP & SSC) ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ ෂෙප් සංසදය 2024 දෙසැම්බර් 18 වන දින ඉතා සාර්ථක අන්දමින් පවත්වන ලදි. මෙම සංසදය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජයිකා ශ්‍රී ලංකා ආයතනයේ නිලධාරීන්, JICA SHEP සහ SSC ව්‍යාපෘති කාර්ය මණ්ඩලය, SAFE ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සහ ගොවි කණ්ඩායම් නියෝජිතයින් ඇතුළු විශේෂිත පිරිසක් සහභාගිවූහ.

සංසදය තුළ, ෂෙප් ප්‍රවේශය හරහා ගොවීන්ට ලැබී ඇති සාර්ථකත්වයන් පිළිබඳ විශ්ලේෂණය කරන ලද අතර ව්‍යාපෘති ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රගතිය ඇගයීම සිදු කරන ලදී. මේ සමග, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ව්‍යාප්ති ක්‍රියාවලියට ෂෙප් ප්‍රවේශය ආයතනගත කිරීමට අදාළ ක්‍රියාමාර්ග සොයා බැලීමද සිදු කරන ලදි.

සහභාගීවූවන් විසින් එකිනෙකා අතර අත්දැකීම් හුවමාරු කරගැනීම, ෂෙප් ව්‍යාපෘතියේ ප්‍රගතිය ඇගයීම සහ අනාගත කටයුතු සඳහා සාර්ථක සැලසුම් සකස් කිරීමේ දී වඩාත් කැපවීමක් පෙන්නුම් කළහ.

මෙම සංසදය, ජපන් අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ෂෙප් ප්‍රවේශය ඔස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මාන්තය තිරසාර සංවර්ධනයකට රැගෙන යාමට හැකි බව සනාථ කිරීමට මනා අවස්ථාවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සමීක්ෂණය / Survey

අපගේ කෘෂි තොරතුරු කේන්ද්‍රය ඔබට සහාය වන ආකාරය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු! ඒ සඳහා මිනිත්තු 2ක් වැයකරමින් අප සකසා ඇති ප්‍රශ්ණාවලියට පිළිතුරු සපයනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ අදහස් අපට ඉතා වැදගත්!​

We would love to learn how our Agricultural Information Hub has been helpful to you! Please take just 2 minutes to answer the short questionnaire we have prepared. Your feedback is very important to us!