ෂෙප් (කුඩා හා මධ්‍යම පරිමාණ උද්‍යාන බෝග වගාකරුවන් සවිබල ගැන්වීම සහ ප්‍රවර්ධනය) ප්‍රවේශයේ හතරවන පියවරේදී, තෝරාගත් උද්‍යාන බෝග නිෂ්පාදනය සඳහා ගොවීන්ට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබා දීමට කටයුතු කරයි. මෙම දැනුම සහ කුසලතා, ක්ෂේත්‍ර නිලධාරීන් විසින් පවත්වන පුහුණු වැඩමුළු මඟින් ලබා දෙන අතර, එම වැඩමුළු ගොවීන්ගේ අවශ්‍යතා මත පදනම්ව (ඉල්ලුම මත පදනම් වූ පුහුණුව) සකස් කර ඇත. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ගොවීන්ට නව තාක්‍ෂණයන් වහාම ඔවුන්ගේ ගොවිබිම්වල ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ.
තෙවන පියවරේදී සැලසුම් කරනු ලැබූ පරිදි, සියලුම ෂෙප් ගොවි කණ්ඩායම් සඳහා පළමු ක්ෂේත්‍ර පුහුණුවක් පවත්වන ලදි. මෙම පුහුණුව මගින්, පස් පරීක්ෂාව, තවාන් කළමනාකරණය සහ බෝග වාර්තා තබා ගැනීමේ වැදගත්කම පිළිබඳ ගොවීන්ගේ අවබෝධය වර්ධනය කිරීමට හැකි විය. පුහුණු ක්‍රියාකාරකම් අතරතුර, කෘෂි උපදේශක සහ තාක්ෂණික සහායක නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ, ගොවීන්ට මෙම ක්ෂේත්‍ර කටයුතු පිළිබඳ ප්‍රායෝගිකව අත්දැකීම් ලබාගැනීමට ද අවස්ථාව ලැබීය.
පුහුණුවට සහභාගී වූ ගොවීන්ට, පස් පරීක්ෂාව මඟින් ගොවිතැනේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය වන පෝෂක මට්ටම් (නයිට්‍රජන්, පොස්ෆේට්, පොටෑසියම්) හඳුනා ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කරනු ලැබීය. එහිදී පස් නිදර්ශන එකතු කිරීමේ ක්‍රම, ඒවා නිවැරදිව සකස් කිරීම, නම් කිරීම, සහ නැවතත් පසුකාලීනව පස් පරීක්ෂා කිරීම පිළිබඳ මනාව විස්තර කරන ලදි.
මීට අමතරව ගොවීන්ට තවාන් කළමනාකරණය පිළිබඳව එනම් නිවැරදිව තවානක් සකස් කිරීමේ ක්‍රම, ජීවානුහරණය කිරීමේ ක්‍රම, පොහොර යෙදීම, වල් මර්දනය, සහ රෝග පාලනය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දෙන ලදී. එමෙන්ම මෙම පුහුණුව මගින්, ගොවීන්ට වගා කටයුතු සඳහා අත්‍යවශ්‍ය නව තාක්‍ෂණික ක්‍රමවේදයන් යෙදවීමට අවශ්‍ය අත්දැකීම් ලබා දීමටද කටයුතු කර ඇත.
එමෙන්ම බෝග වාර්තා තබා ගැනීමේ වැදගත්කම පිළිබඳවද පුහුණුවේදී සාකච්ඡා කරන ලදී. වගාව ආරම්භයේ සිට අස්වැන්න නෙළා අවසන් වනතුරුම ඇති සියලුම කාර්‍යයන්, භාවිතා කරන පොහොර සහ රසායන ද්‍රව්‍ය, වැනි තොරතුරු වාර්තා තැබීම මඟින් වගා කටයුතු කළමනාකරණය කිරීමට, වියදම් අඩු කර ගනිමින් ආදායම වැඩි කිරීමට, සහ නිෂ්පාදන තත්ත්වය මැන ගැනීමට හැකියාව ලැබෙන බව අවධාරණය කරන ලදී.
මෙම පුහුණු වැඩසටහන මඟින් ගොවීන්ට, අනාගත වගා සැලසුම් සඳහා නිවැරදි තාක්‍ෂණික ක්‍රම භාවිතා කරමින් සාර්ථක, ගුණාත්මක, සහ තිරසාර වගාවක් සඳහා මඟ පාදයි. මෙමගින්, ගොවීන්ට පරිසර හිතකාමී නවීන තාක්ෂණික වගා ක්‍රම භාවිතා කරමින් ඔවුන්ගේ ආර්ථිකය සහ ජීවන මට්ටම උසස් කිරීමේ හැකියාවද සලසා දේ.







