ගොවියාගෙන් පාරිභෝගිකයාට – නැවුම් එළවළු සෘජුව විකිණීම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බෝගමුව ෂෙප් ගොවි කණ්ඩායම් නියෝජනය කරන ගොවින් නිෂ්පාදිත නැවුම් එළවළු පාරිභෝගිකයන් හට සෘජුව විකිණීම තෙවන වරටත් අද දින එනම්, 2025 පෙබරවාරි මස 25 වන දින පේරාදෙනිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම කටයුත්ත, ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ, සැපයුම් දාම ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කළ එක් පියවරක් ලෙස ක්‍රියාත්මක විය.

ගොවීන්ගේ නිෂ්පාදන අතරමැදි සම්බන්ධතාවයකින් තොරව සෘජුව පාරිභෝගිකයාට, නැවුම් බවත් ගුණාත්මකභාවයත් සහිතව පහසු මිලකට ලබාදීමට හැකිවිය.

ඒ හරහා ගොවීන්ගේ ආදායම වර්ධනය කිරීමත් මෙන්ම පාරිභෝගිකයන්ට විශ්වාසදායක සේවාවක් ලබාදීම සඳහා ද අවස්ථාව සැලසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සමීක්ෂණය / Survey

අපගේ කෘෂි තොරතුරු කේන්ද්‍රය ඔබට සහාය වන ආකාරය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු! ඒ සඳහා මිනිත්තු 2ක් වැයකරමින් අප සකසා ඇති ප්‍රශ්ණාවලියට පිළිතුරු සපයනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ අදහස් අපට ඉතා වැදගත්!​

We would love to learn how our Agricultural Information Hub has been helpful to you! Please take just 2 minutes to answer the short questionnaire we have prepared. Your feedback is very important to us!