දෙවන කෘෂි ව්‍යාපාර සංසදය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ දෙවන කෘෂි ව්‍යාපාර සංසදය 2025 ජූනි මස 05 වන දින ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වන ලදි. ගොවීන් සහ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් සඳහා සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ වූයේ සාර්ථක වාණිජ ගොවිතැනක් සඳහා අවශ්‍ය ගුණාත්මක යෙදවුම් සහ උසස් කෘෂි තාක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමයි.

මෙහිදී පොහොර හා කෘෂිරසායන භාවිතය, ජල සම්පාදනය හා වල් මර්ධනය සඳහා වන නවීන තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය මෙන්ම කුඩා හා මාධ්‍යම පරිමාණ වාණිජ ගොවිපල සඳහා වන නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික අංශවල හවුල්කාරීත්වයෙන් දැනුම ලබා දෙන ලදි.

එමෙන්ම ජයිකා ෂෙප් ව්‍යාපෘතියේ සැපයුම් දාම ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයක් වශයෙන්, කෘෂි තොරතුරු කේන්ද්‍රය සඳහා නිර්මාණය කරන ලද වෙබ් පිටුව (https://infohub.doa.gov.lk) පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන ලද අතර මෙම වැඩසටහන, ගොවීන්ට තම ගොවිතැන ව්‍යාපාරයකට පරිවර්තනය කරමින් ගුණාත්මක යෙදවුම් සහ නවීන තාක්ෂණ භාවිතයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය පිළිබඳව අලුත් අවබෝධයක් ලබාදීම සඳහා වටින මහඟු අවස්ථාවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සමීක්ෂණය / Survey

අපගේ කෘෂි තොරතුරු කේන්ද්‍රය ඔබට සහාය වන ආකාරය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු! ඒ සඳහා මිනිත්තු 2ක් වැයකරමින් අප සකසා ඇති ප්‍රශ්ණාවලියට පිළිතුරු සපයනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ අදහස් අපට ඉතා වැදගත්!​

We would love to learn how our Agricultural Information Hub has been helpful to you! Please take just 2 minutes to answer the short questionnaire we have prepared. Your feedback is very important to us!