දෙවන කෘෂි ව්‍යාපාර සංසදය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ දෙවන කෘෂි ව්‍යාපාර සංසදය 2025 ජූනි මස 05 වන දින ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වන ලදි. ගොවීන් සහ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් සඳහා සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ වූයේ සාර්ථක වාණිජ ගොවිතැනක් සඳහා අවශ්‍ය ගුණාත්මක යෙදවුම් […]

දිස්ත්‍රික් ෂෙප් සංසදය – 2025

ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය එක්ව ක්‍රියාත්මක කරන ෂෙප් (SHEP) සහ සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවිධානය කරන ලද නුවරඑළිය දිස්ත්‍රික් ෂෙප් සංසදය 2025 මාර්තු මස 27 වන දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශිරෝමනී එදිරිමාන්න මහත්මිය, සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ජයලත් බණ්ඩාර මහත්මාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම අවස්ථාවට ව්‍යාපෘතිය සමග කටයුතු […]

නිරාවරණ ක්ෂේත්‍ර චාරිකාවන් හරහා කෘෂිකාර්මික දැනුම හා අත්දැකීම් හුවමාරු කිරීම

නිරාවරණ ක්ෂේත්‍ර චාරිකා

ෂෙප් ප්‍රවේශයෙහි හතරවන පියවර වන ගොවීන් විසින් කුසලතා ලබා ගැනීම යටතේ ගොවීන් දැනටමත් තෝරාගෙන ඇති බෝග සම්බන්ධව නව දැනුම ලබා ගැනීම සිදුවෙන අතර, මෙම පියවර සඳහා ගොවීන් තුළ ඇති කැමැත්තද ඉහළ මට්ටමක පවති. එහිදී, ගොවීන්ගේ ඉල්ලුම අනුව ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් සංවිධානය කරමින්, ඔවුන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් නිරාවරණ ක්ෂේත්‍ර චාරිකාවන් ක්‍රියාත්මක කරයි. මෙම […]

ගොවියාගෙන් පාරිභෝගිකයාට – නැවුම් එළවළු සෘජුව විකිණීම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බෝගමුව ෂෙප් ගොවි කණ්ඩායම් නියෝජනය කරන ගොවින් නිෂ්පාදිත නැවුම් එළවළු පාරිභෝගිකයන් හට සෘජුව විකිණීම තෙවන වරටත් අද දින එනම්, 2025 පෙබරවාරි මස 25 වන දින පේරාදෙනිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම කටයුත්ත, ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ, සැපයුම් දාම ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කළ එක් පියවරක් […]

2025 වසරේ ෂෙප් ප්‍රවේශය ව්‍යාප්ත කිරීම සඳහා වන පුහුණුකරුවන් පුහුණු කිරිමේ (ToT) වැඩසටහන

SHEP

ෂෙප් ප්‍රවේශය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් ක්‍රියාත්මක වේ. පසුගිය වසර දෙක තුළ (2023 සහ 2024), ෂෙප් ප්‍රවේශය මොණරාගල, මාතලේ, නුවරඑළිය, අනුරාධපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක පහ පුරා ගොවි කණ්ඩායම් 37කට සාර්ථකව හඳුන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එම ගොවීන් ඔවුන්ගේ කෘෂිකාර්මික මානසිකත්වය “වැවීම සහ විකිණීම” සිට “විකිණීමට වැවීම” දක්වා පරිවර්තනය කර […]

පලමු කෘෂි ව්‍යාපාර සංසදය

Agribusiness Forum

2025 ජනවාරි මස 16 වන දින දඹුල්ලේ කෘෂි තොරතුරු කේන්ද්‍රය සහ බීජ අලෙවිසැල පරිශ්‍රය තුළ, සැපයුම් දාමය ශක්තිමත් කිරීමේ ක්‍රියාකාරකමක් ලෙස සංවිධානය කල පළමු කෘෂි ව්‍යාපාර සංසදය ඉතා සාර්ථක ලෙස පැවැත්විනි. ගොවීන්, වෙළෙන්දන් සහ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් සඳහා සංවිධානය කළ මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ එළවළු සැපයුම් දාමයේ පසු අස්වනු කලමනාකරණය පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කිරීමයි. […]

ක්ෂේත්‍ර සනීපාරක්ෂාව සහ තක්කාලිවල පසු අස්වනු කළමනාකරණය පිළිබඳ පුහුණුව

සෑම ඉලක්කගත දිස්ත්‍රික්කයකම තෝරාගත් ගොවි කණ්ඩායම් භාර සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගොවීන් සඳහා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව සහ තක්කාලි පසු අස්වනු කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගිය දින කිහිපයේදී සංවිධාන කරන ලදී. ක්ෂේත්‍ර සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව ඇති දැනුවත්භාවය වැඩි කිරීම, වඩාත් හොඳ සෞඛ්‍ය සම්පන්න බෝග සහ අස්වැන්නක් සහතික කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතා ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදී, ඔවුන් […]

ෂෙප් සංසදය – 2024

SHEP FORUM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ (JICA SHEP & SSC) ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ ෂෙප් සංසදය 2024 දෙසැම්බර් 18 වන දින ඉතා සාර්ථක අන්දමින් පවත්වන ලදි. මෙම සංසදය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජයිකා ශ්‍රී ලංකා ආයතනයේ නිලධාරීන්, JICA SHEP සහ SSC […]

ෂෙප් (SHEP)ගොවීන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේ පළමු පියවර

Training

ෂෙප් (කුඩා හා මධ්‍යම පරිමාණ උද්‍යාන බෝග වගාකරුවන් සවිබල ගැන්වීම සහ ප්‍රවර්ධනය)  ප්‍රවේශයේ හතරවන පියවරේදී, තෝරාගත් උද්‍යාන බෝග නිෂ්පාදනය සඳහා ගොවීන්ට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබා දීමට කටයුතු කරයි. මෙම දැනුම සහ කුසලතා, ක්ෂේත්‍ර නිලධාරීන් විසින් පවත්වන පුහුණු වැඩමුළු මඟින් ලබා දෙන අතර, එම වැඩමුළු ගොවීන්ගේ අවශ්‍යතා මත පදනම්ව (ඉල්ලුම මත පදනම් වූ පුහුණුව) […]

එළවළු පරිභෝජනය ප්‍රවර්ධනයට නව පියවරක් – පාසල් ළමුන් සඳහා වූ පෝෂණ අධ්‍යාපන වැඩසටහන

Nutrition Education Program

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී එළවළු පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සැලැස්මේ පළමු අදියර ලෙස පෝෂණ අධ්‍යාපන වැඩසටහනක් පසුගිය ඔක්තෝම්බර් 29 වන දින පැවැත්විණි. මෙය, JICA SHEP & SSC ව්‍යාපෘතියේ සැපයුම් දාම ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් වන අතර, 9 ශ්‍රේණියේ සිසුන් සහ ගුරුවරුන් ඉලක්ක කරගනිමින් දෛනික ආහාර වේලට එළවළු එක් කිරීමේ වැදගත්කම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීමට […]