ගොවීන් සවිබලගැන්වීම: SHEP ප්‍රවේශයෙහි අත්‍යවශ්‍ය පියවර හතර

SHEP approach

SHEP යනු ප්‍රධාන කුළුණු දෙකක් මත පදනම් වූවක් වන අතර එය SHEP හි ප්‍රධාන කොදුනාරටිය ලෙස සැලකිය හැකියි. එහි පළමු කුළුණ “ගොවිතැන ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කිරීම” වන අතර, එය “අසමමිතික තොරතුරු සහිත වෙළඳපල නම් ආර්ථික න්‍යාය” මඟින් පාලනය වන අතර එහි දෙවන කුළුණ “ගොවීන් සවිබල ගැන්වීම සහ අභිප්‍රේරණය කිරීම” වන අතර, එයට “ස්වයං නීර්ණ න්‍යාය” නම් මනෝවිද්‍යාත්මක න්‍යායක් මඟින් සහය දක්වයි.

ස්වයං නීර්ණ න්‍යායට අනුව ස්වාධීනත්වය, නිපුණතාවය සහ සම්බන්ධතා මඟින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සහය දක්වන විට මිනිසුන්ට අභිප්‍රේරණයක් දැනේ. මෙම මනෝවිද්‍යාත්මක අවශ්‍යතා තුන (කුළුණු 2) සැලකිල්ලට ගනිමින් නිෂ්පාදන පාදක කරගත් කෘෂිකර්මාන්තය වෙනුවට වෙළදපල පාදක කරගත් කෘෂිකර්මාන්තය සඳහා ගොවීන් තුළ අභිප්‍රේරණයක් ඇති කිරීමට හැකිවන පරිදි ක්‍රියාකාරකම් මාලාවක් SHEP හි අත්‍යාවශ්‍ය පියවර හතරක් යටතේ සැලසුම් කර ඇත.  

පළමු පියවර: ගොවීන් සමඟ ඉලක්කය බෙදා ගැනීම:

පළමු පියවරේදී SHEP හි අරමුණ සහ ඉලක්කය ගොවීන් සමඟ බෙදාගැනීම සඳහා සංවේදීකරණ වැඩමුළුවක් සංවිධානය කරයි. මෙහිදී, ගොවීන්ට ලබාදෙන්නේ කෘෂි තාක්ෂණික දැනුම පමණක් බවත්, ද්‍රව්‍යමය හෝ මුල්‍යමය සහාය ලබා නොදෙන බවය අවධාරණය කරයි. පසුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DOA) සහ ව්‍යාපෘතිය එක්ව සකසන ලද තේරීම් නිර්දේශයට අනුව ඉලක්කගත ගොවීන් තේරීම සිදු කරයි.

දෙවන පියවර: ඉලක්ක ගොවීන් දැනුවත්භාවය වැඩිකර ගැනීම:

දෙවන පියවරේදී, සහභාගීත්ව මූලික සමීක්ෂණය, පාර්ශවකරුවන්ගේ රැස්වීම සහ වෙළඳපල සමීක්ෂණය යන ක්‍රියාකාරකම් සිදු කරයි. සහභාගීත්ව මූලික සමීක්ෂණය ක්‍රියාත්මක කිරීමෙන්, ඉලක්කගත ගොවීන්ට තමන්ගේ වර්තමාන ආර්ථික සහ තාක්ෂණික තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දේ. ඉලක්කගත ගොවීන් පාර්ශවකරුවන්ගේ රැස්වීම පැවැත්වීම මඟින් ඔවුන්ට ඇති ව්‍යාපාරික අවස්ථා පිළිබඳ අවබෝධය ලබා ගන්නා අතර, වෙළඳපල පාර්ශවකරුවන් සමඟ සම්බන්ධතා ගොඩනැඟීමේ අවස්ථාවද ලබා දේ. වෙළඳපල සමීක්ෂණය සිදු කරන්නේ වෙළඳපල ක්‍රියාත්මකවන ආකාරය සහ උද්‍යාන බෝග නිෂ්පාදකයින්ගෙන් වෙළඳපල බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න දැනගැනීමේ සහ ගැනුම්කරුවන් සහ නිෂ්පාදකයින් යන දෙපාර්ශවය සඳහාම ප්‍රයෝජනවත් තත්ත්වයක් නිර්මාණය කිරීමේ අරමුණින් යි.

ඉහත දැක්වෙන දැනුවත්භාවය වැඩිකර ගැනීමට අමතරව, ගොවීන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මඟින් ඔවුන්ට සාමූහික තීරණ ගැනීමේ ක්‍රියාවලිය යහපත් කර ගැනීමට සහ ස්ත්‍රී පුරුෂ භූමිකා සමාලෝචනය කරමින්, ස්ත්‍රී පුරුෂභාවයෙන් බැහැරව සියලු පවුල් සාමාජිකයන්ට සමාන අවස්ථා ලබා දීම ප්‍රවර්ධනය කරයි.

තුන්වන පියවර: ගොවීන් තීරණ ගැනීම:

තුන්වන පියවරේදී, ඉලක්කගත බෝග තෝරා ගැනීම සහ බෝග කැලැන්ඩර සහ පුහුණු සැලසුම් සකස් කිරීම සිදු කෙරේ. ඉලක්කගත ගොවීන් වෙළඳපලේ ඉහළ අවශ්‍යතාව ඇති බෝග හඳුනාගෙන, එම බෝග නිෂ්පාදනය කිරීමට සහ වෙළඳපලට කණ්ඩායමක් ලෙස යැවීමට එකඟ වේ. ගොවීන් බෝග කැලැන්ඩර සකස් කරන විට, ගොවීන්ට ඉලක්කගත බෝගවල නිෂ්පාදන සහ වෙළඳපලට යැවීම පිළිබඳ අනාගත ක්‍රියාකාරකම් සැලසුම් කරගැනීමට හැකියාව ලැබේ. ගොවීන්ට, ඔවුන්ගේ කණ්ඩායම විසින් හඳුනාගත් පුහුණු අවශ්‍යතා අනුව අවශ්‍ය තාක්ෂණික පුහුණු ක්‍රියාකාරකම් සඳහා සැලසුමක් මෙහිදී සකසා ගත හැකිය.

හතරවන පියවර: ගොවීන් කුසලතා ලබා ගැනීම:

මෙම පියවරේදී, ගොවීන් තෝරාගත් උද්‍යාන බෝග නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබා ගනී. මෙය, ඉලක්කගත ප්‍රදේශවල ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ක්ෂේත්‍රයේ පැවැත්වෙන පුහුණු වැඩමුළු මඟින් සැපයනු ලබයි. මෙම පුහුණු ක්‍රියාකාරකම් ගොවීන්ගේ අවශ්‍යතා පදනම් කර ගනිමින් (ඉල්ලුම මත පදනම් වූ පුහුණුව) සිදුකළ යුතු අතර, එමඟින් ගොවීන්ට නව තාක්‍ෂණයන් වහාම ඔවුන්ගේ ගොවිබිම්වල යෙදවීමට සහ අනුකරණය කිරීමට හැකියාව ලැබේ.

SHEP හි ඉහත සඳහන් පියවර 4 ක්‍රියාත්මක කිරීම සඳහා, ව්‍යාපෘතියේ ඉලක්කගත දිස්ත්‍රික්ක වලින් තෝරාගත් ප්‍රධාන පුහුණුකරුවන් සඳහා සති 3ක මාර්ගගත පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. මෙම පුහුණුව ලැබූ ප්‍රධාන පුහුණුකරුවන්, SHEP ඉලක්කගත ගොවීන්ගේ කණ්ඩායම් සඳහා වගකීම භාරව ඇති දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා දින 3ක “පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්”(TOT) පවත්වයි. පසුව, වගකීම භාර ක්ෂේත්‍ර නිලධාරීන්, ඒ ඒ කණ්ඩායම් සඳහා ක්ෂේත්‍ර පුහුණු ඇතුළු SHEP පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

අවසානයේදී, මෙම සංවිධානාත්මක ප්‍රවේශය කුඩා පරිමාණ ගොවීන්ගේ ගොවිතැන සාර්ථක කරමින් වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ ඵලදායී ජීවන තත්වයන් ප්‍රවර්ධනය කිරීමට හේතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *