
සාම්ප්‍රදායික "වගා කර විකිණීම" ආකල්පය වෙනුවට, SHEP ගොවීන්ට "විකිණීමට වගා කිරීම" යන ආකල්පය මෙම ප්‍රවේශයේදී දිරිගන්වයි. මෙම වෙනස තුළින් ගොවීන් තමන්ට හුරුපුරුදු දේ වගා කිරීමට වඩා, මිනිසුන්ට ඇත්තටම මිලදී ගැනීමට අවශ්‍ය දේ වගා කිරීමට පෙළඹී ඇත.
මෙම ප්‍රවේශය මගින් ලබාදෙන ප්‍රායෝගික පුහුණුව සහ සහාය තුළින්, SHEP ගොවීන්ට වෙළඳපොළ සමීක්ෂණ පැවැත්වීම, පාරිභෝගික ඉල්ලුම තේරුම් ගැනීම සහ ඔවුන්ගේ භෝග පිළිබඳව දැනුවත් තීරණ ගැනීම ආදිය පිළිබඳ මඟ පෙන්වයි. මෙම ප්‍රවේශයේදී ගොවීන්, තමන් විසින්ම තීරණ ගන්නා අතර, ඔවුන්ගේ ආදායම වැඩි කර ගැනීමට සහ ඔවුන්ගේ කෘෂි කර්මාන්තය කෘෂි ව්‍යාපාරයක් බවට වර්ධනය කර ගැනීමට ඔවුන් සවිබල ගන්වයි.
බෝග සායන (Crop Clinics) මගින්, අප ගොවීන්ගේ බෝග වගාවන්හි දී ඇතිවන රෝග, පළිබෝධ හානි වැනි අභියෝග සඳහා ප්‍රායෝගික උපදෙස් සහ විසඳුම් මෙන්ම නව කෘෂි තාක්ෂණික දැනුම ඔවුන් වෙත ලබා දෙන්නෙමු.
ප්‍රදේශීය කෘෂිකාර්මික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි බෝග ගැටලු හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීමට සහ වැළැක්වීමට අවශ්‍ය විශේෂඥ මගපෙන්වීම.
උසස් තත්ත්වයේ බීජවලට ප්‍රවේශ වීමට හැකියාව ලබාදීමෙන් ලදායිතාව ඉහළ නැංවීම සහ තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් සඳහා සහය වීම.
බෝංචි තොග සහ සිල්ලර මිල කාලයත් සමඟ වෙනස්වීම. (මැනිං සහ දඹුල්ල වෙළඳපොළ) 2024.10.04 සිට 2024.10.30 දක්වා
No Data Found
මැනිං සහ දඹුල්ල වෙළඳපොළවල තොග සහ සිල්ලර එළවළු මිල ගණන් පිළිබඳ දෛනික යාවත්කාලීන කිරීම් සමඟ තොරතුරු දැනගන්න.
අපගේ ප්‍රස්තාර මගින් මිල ප්‍රවණතා පිළිබඳ පැහැදිලි දසුනක් ලබා දෙන අතර, එමඟින් ඔබට මිල උච්චාවචනයන් නිරීක්ෂණය කිරීමට, වෙළඳපොළ ඉල්ලුම තේරුම් ගැනීමට සහ ඔබේ වගාකිරීම් සහ විකුණුම් උපාය මාර්ග සඳහා දැනුවත් තීරණ ගැනීමට හැකියාව ලැබෙයි.
ඔබ ඉදිරි කන්නය සැලසුම් කරන ගොවියෙක් වුවත්, තොග ප්‍රශස්ත කරන වෙළෙන්දෙක් වුවත්, මෙම දෛනික මිල උච්චාවචනයන් ඔබේ ව්‍යාපාරයට සහය වීමට විශ්වාසදායක දත්ත ලබා දෙයි.
ඔබව නවතම වෙළඳපල ප්‍රවණතා සමඟ යාවත්කාලීනව තබා ගැනීමට අපගේ වෙළෙඳපොළ මිල උච්චාවචන ප්‍රස්තාර උපයෝගී කරගන්න.
එදිනෙදා SHEP ව්‍යාප්තියට, කෘෂි කර්මාන්තයට අදාල සිදුවීම් සහ පුහුණු සැසිවල නවතම යාවත්කාලීන තොරතුරු ලබා ගන්න.

June 18, 2025

March 24, 2025

February 25, 2025

January 21, 2025





