කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග එක ක්‍රියාත්මක කරනු ලබන “සැපයුම් දාම ව්‍යූහයන් ශක්තිමත් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි නිෂ්පාදකයන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමේ” ව්‍යාපෘතිය

JICA SHEP & SSC Project

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහාත් ගොවීන්ගේ අදායම් තත්වය හා ජීවනෝපාය නැංවීම සඳහාත් වෙළඳපොල පාදක කොටගත් කෘෂිකර්මාන්තයක් පැවතීම අත්‍යාවශ්‍ය සාධකයකි.

ඒ අනුව වෙළඳපොල පාදක කොටගත් කෘෂි ව්‍යාප්ති ප්‍රවේශයක් ලෙස ජපානය විසින් හඳුන්වා දුන් “සුළු පරිමාණ උද්‍යාන බෝග නිෂ්පාදකයන් සවිබල ගැන්වීම හා ප්‍රවර්ධනය” එනම් SHEP වැඩසටහන දැනට ලෝකයේ රටවල් 60ක පමණ සාර්ථකව ක්‍රියාත්මක වේ.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග එක ක්‍රියාත්මක කරනු ලබන “සැපයුම් දාම ව්‍යූහයන් ශක්තිමත් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි නිෂ්පාදකයන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමේ” ව්‍යාපෘතිය යටතේ SHEP වැඩසටහන ශ්‍රී ලංකාවේද 2023 වසරේ සිට ක්‍රියාත්මක වන අතර මෙම ප්‍රවේශය භාවිතා කරමින් වෙළදපොල පාදක කර ගත් කෘෂිකර්මය ග්‍රාමීය ප්‍රදේශ වල ප්‍රචලිත කිරීමත් ව්‍යාපෘතියේ ඉලක්ක ගත ප්‍රදේශ වල සැපයුම් දාම ශක්තිමත් කිරීම සඳහාත් වන ක්‍රියාකාරකම් මේ වනවිට නියමු වැඩසටහනක් ලෙස නුවරඑලිය, බදුල්ල, මොනරාගල, අනුරාධපුරය හා මාතලේ යන දිස්ත්‍රික්ක 5ක සාර්ථකව ක්‍රියාත්මක වේ.


ෂෙප් ප්‍රවේශය යනු ගොවීන් ස්වයංව අභිප්‍රෙරණය වීමට උදව් කරන අතරම අවශ්‍ය වෙළදපොළ සහ නිෂ්පාදන කුසලතා ලබා දීම තුලින් ගොවිතැන ව්‍යාපාරයක් ලෙස කර ගෙන යාමට අවශ්‍ය කරන හැකියාවන් ගොඩ නැංවීම මගින් කුඩා පරිමාණ ගොවීන් සවි බල ගන්වන කෘෂී ව්‍යාප්ති ප්‍රවේශයක් වේ. අවසානයේ දී ගොවීන්ගේ හැසිරීම වැවීමෙන් පසු අලෙවිය සඳහා උත්සුක වීම වෙනුවට සිට “වෙළඳපොල ඉලක්කකොටගත් නිෂ්පාදනයක් ලෙස, එනම් “වැවීමෙන් පසු විකිණීම” වෙනුවට “විකිණීම සදහා වැවීම” දක්වා පරිවර්තනයක් අපේක්ෂා කෙරේ.


මෙම ව්‍යාපෘතියේදී 2021 ජූලි සිට 2022 මාර්තු දක්වා වූ කාලය සැලසුම් කිරීමේ අදියරක් ලෙස ක්‍රියාත්මක වූ අතර රාජ්‍ය දෙපාර්තමේන්තු, විශ්වවිද්‍යාල, පෞද්ගලික අංශ ආයතන හා ගොවීන් එක්ව සකස් කල මනා ව්‍යාපෘති සැලසුමක් සකසන ලදී. එම සැලසුම මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන අතර එය 2025 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මකවේ.


2023 වර්ෂයේ දී අනුරාධපුර, බදුල්ල හා නුවර එලිය යන දිස්ත්‍රික්ක වල ඉලක්ක ගොවි කංඩායම් 12 ක් යොදා ගෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර මේ වන විට එම ගොවි කණ්ඩායම් වෙළඳපොල පාදක කරගත් කෘෂිකර්මාන්තයක නියැලෙන සාර්ථක ගොවි කණ්ඩායම් ලෙස දියුණු වී ඇත. එයින් ගොවි කණ්ඩායම් කිහිපයක් මේවන විට තමන්ගේම සන්නායමක් භාවිත කරමින් වෙළඳපොල සඳහා එළවලු අලෙවි කරයි. මෙම වර්ෂයේ දීද අනුරාධපුර, බදුල්ල, නුවර එලිය, මාතලේ හා මොනරාගල යන දිස්ත්‍රික්ක පහෙන් තෝරා ගත් ඉලක්ක ගොවි කංඩායම් 33 සමග ව්‍යාපෘතියේ කටයුතු ක්‍රියාත්මක කෙරේ.

සමීක්ෂණය / Survey

අපගේ කෘෂි තොරතුරු කේන්ද්‍රය ඔබට සහාය වන ආකාරය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු! ඒ සඳහා මිනිත්තු 2ක් වැයකරමින් අප සකසා ඇති ප්‍රශ්ණාවලියට පිළිතුරු සපයනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ අදහස් අපට ඉතා වැදගත්!​

We would love to learn how our Agricultural Information Hub has been helpful to you! Please take just 2 minutes to answer the short questionnaire we have prepared. Your feedback is very important to us!