කෘෂි ව්‍යාප්ති නිලධාරීන් සඳහා වූ තාක්ෂණික පුහුණුව

SHEP

ෂෙප් (කුඩා හා මධ්‍යම පරිමාණ උද්‍යාන බෝග වගාකරුවන් සවිබල ගැන්වීම සහ ප්‍රවර්ධනය) ප්‍රවේශයේ හතරවන පියවරේදී, ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනියුක්ත තෝරාගත් ගොවි කණ්ඩායම් භාර  කෘෂි උපදේශක (AI) සහ තාක්ෂණික සහයක (TA) නිලධාරීන් විසින් ඉලක්කගත ගොවීන් සඳහා තාක්ෂණික පුහුණු මාලාවක් ලබා දීමට නියමිතය.

ඒ අනුව තුන්වන පියවරේදී සැලසුම් කල පරිදි දෙවන ක්‍ෂේත්‍ර පුහුණුව ලෙස ඉලක්කගත බෝග සඳහා රෝග සහ පළිබෝධ ඵලදායීව කළමනාකරණ උපාය මාර්ග පිළිබඳ පුහුණුවක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් ගොවීන්ට ඵලදායී පුහුණුවක් ලබා දීම සඳහා AI සහ TA නිලධාරීන් සතුව යාවත්කාලීන වූ දැනුම සහ කුසලතා තිබීම අත්‍යාවශ්‍යය කරුණකි. එම නිසා, JICA SHEP & SSC ව්‍යාපෘතිය මඟින් 2024 ඔක්තෝම්බර් 24 වන දින ගන්නෝරුවේ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී (ISTI) ඉලක්කගත දිස්ත්‍රික්ක 5හි AI සහ TA නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා තාක්ෂණික පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදී.

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය (HORDI), ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය (FCRDI) සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (RARDC) යන ආයතනයන්හි විද්‍යාඥයින් විසින් මෙහෙයවන ලද මෙම පුහුණු සැසිය මිරිස්, තක්කාලි, බටු සහ බෝංචි යන ප්‍රධාන බෝග කිහිපයකට අදාල කෘෂි විද්‍යාත්මක භාවිතයන් සහ රෝග හා පළිබෝධ පාලනය පිළිබඳ එක් දින දේශන හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදුන් අතර, එම බෝග රෝග සහ පළිබෝධවලට බෙහෙවින් ගොදුරු වන අතර එය අස්වැන්නේ ගුණාත්මකභාවයට මෙන්ම ප්‍රමාණායට බලපායි. මීට අමතරව, JICA SHEP & SSC ව්‍යාපෘතියේ උද්‍යාන බෝග නිෂ්පාදන විශේෂඥවරිය වන යොකෝ නගතා මහත්මිය, රෝග වැළැක්වීම හා පාලනය සඳහා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව මූලික ක්‍රමවේදයක් ලෙස අත්‍යාවශ්‍ය බව අවධාරණය කරන ලදි.

මෙම වැඩසටහනේදී AI, TA සහ පර්යේෂක නිලධාරීන්ට ක්ෂේත්‍ර මට්ටමේ අත්දැකීම් හා ගැටලු බෙදා ගැනීමට මෙන්ම නවතම දැනුමෙන් එකිනෙකා යාවත්කාලීන වීමට අවස්ථාව ලැබීය. මෙම මුලපිරීම ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව අස්වැන්න වැඩි කරමින් සුළු හා මධ්‍යම පරිමාණ ගොවීන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම සඳහා වන තවත් වැදගත් පියවරක් ලෙස අප සලකන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සමීක්ෂණය / Survey

අපගේ කෘෂි තොරතුරු කේන්ද්‍රය ඔබට සහාය වන ආකාරය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු! ඒ සඳහා මිනිත්තු 2ක් වැයකරමින් අප සකසා ඇති ප්‍රශ්ණාවලියට පිළිතුරු සපයනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ අදහස් අපට ඉතා වැදගත්!​

We would love to learn how our Agricultural Information Hub has been helpful to you! Please take just 2 minutes to answer the short questionnaire we have prepared. Your feedback is very important to us!